අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය තවමත් අක්‍රීයයි

Date:

මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රෝගීන් 1,500කට ආසන්න පිරිසකට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බවය.

රෝහලේ පැරණි සීටී සිමියුලේටර් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කර පසුගිය මාසයේදී ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී තිබේ.

කෙසේ වෙතත්, නව යන්ත්‍රයේ මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංගය සමඟ නොගැළපීම හේතුවෙන් මතුව ඇති තාක්ෂණික දෝෂය නිසා එය භාවිත කිරීමට නොහැකි වී ඇති බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

මෙවැනි විකිරණ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

“CT සිමියුලේෂන් යන්ත්‍රය අප්‍රේල් මාසයේ අවසන් සතියෙන් පසු එහි තිබූ පැරණි යන්ත්‍රය ඉවත් කර නව යන්ත්‍රය ස්ථාපනය කිරීම සිදු කළා. නමුත් එම යන්ත්‍රය මේ වන තෙක් එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසාවෙන් රෝගීන්ගේ Linear Accelerator විකිරණ ප්‍රතිකාරය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කරා මාස කිහිපයක් තිස්සේ, නමුත් මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තවමත් ලැබිලා නැහැ. රෝගීන් 1500ක ප්‍රමාණයක ඉදිරියේදී ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට අපිට දීර්ඝ කාලයක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් පිළියමක් යෙදීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වීම ඉතාමත් බරපතළ තත්ත්වයක්, මොකද සමහර විට රෝගීන් සැත්කමකින් පසුව, එහෙමත් නැත්නම් Chemotherapy ප්‍රතිකාරයකින් අනතුරුව විකිරණ ප්‍රතිකාරයට යොමු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් පිළිකාවක් විනාශ කිරීම, එහෙමත් නැත්නම් පිළිකා සෛල විනාශ කිරීම සඳහා මෙම සියලු පියවරයන් අදාළ කාලය තුළ සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...