මේ මස අවසානයේ 3000කට කොරියාවේ රැකියා

Date:

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා හිමිවූ ලාංකික තරුණියන් 36 දෙනෙකු අද දින (10/14) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. ඊට තරුණයින් 33 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු අයත් වේ.

2025 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 2927 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඊට තරුණියන් 100 දෙනෙකුද අයත්වේ. නිශ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත. එසේම ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 25 දෙනෙකුද, සේවා අංශය සඳහා 23 දෙනෙකු හා කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත.

මේ අතර, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 200ට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වන විට පිටත්කිරීමට කාර්යාංශය සැලසුම් කර තිබේ.

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ඔක්තෝම්බර් 23 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...