ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පැරණි මිතු දම් අලුත් කරමින් මෙම ජපාන ජාතිකයන් පිරිස මෙරටට පැමිණ තිබුණි.
ඔවුන් ඊයේ (30) දින පස්වරු 04.30 ට ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල , සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම ගවේෂණාත්මක සංචාර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට පිහිටි ” ලිට්ල් ජැපෑන් ” හෝටල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය රුවන් පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ අතර ඒ සදහා වරාය සහ ගුවන් සේවා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ද අනුග්‍රහය හිමි වී තිබුණි.
මෙහිදී සමූහ ජායාරූපය ගන්නා අවස්ථාවේ , ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු ශ්‍රී ලාංකික සම්භාවනීය ආරාධිතයන් පිරිස , මෙරටට පැමිණි ජපන් ජාතිකයන් සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ලොබ් ශාලාවේ බිම ඉද ගැනීමට තරම් නිහතමානි වීම එම ජපන් ජාතිකයන්ගේ විශේෂ ඇගැයීමකට ලක් විය.
මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් පිරිස , සිය ශ්‍රි ලංකා සංචාරය නිමා කර එළඹෙන 09/04 දින මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.



