ධීවරයින් හය දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අතුරුදහන

Date:

හික්කඩුව හා ඒ අවට ධීවරයින් හය දෙනෙකු මුහුදු රැකියාවට ගිය බහු දින ධීවර යාත්‍රාවක් දැනට දින ගණනාවක සිටම අතුරුදහන්වී ඇතැයි එම ධීවරයින් හයදෙනාගේ පවුල්වල අය හඬා වැලපෙමින් කියති.

පසුගිය මස 26 වැනිදා බේරුවල ධීවර වරායෙන් මුහුදු රැකියාව සඳහා ගිය වතුගෙදර ධීවර යාත්‍රා හිමියෙකුට අයත් මිනූ බබා 01 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින්ගේ කිසිදු තොරතුරක් නැතිව දැනට දෙසතියක සිට නැති බව ඔවුහු කියති.

හික්කඩුව මහවත්ත පදිංචි එම ධීවර යාතාවේ ස්කීපර් ලෙස කටයුතු කළ සුරේෂ් ලක්ෂාන් එම ප්‍රදේශයේම පදිංචි ධම්මික ප්‍රදීප් පතිරණ හික්කඩුව නාකන්ද පදිංචි කසුන් තාරක,එම ප්‍රදේශයේම පදිංචි ගිහාන් ලක්ෂාන් අබේනායක, සුමිත් පුෂ්පකුමාර සහ හික්කඩුව තෙල්වත්තේ පදිංචි තුසිත කමල් ගුණරත්න ආගිය අතක් නැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාය.

ආගිය අතක් නැති මේ බහු දින ධීවර යාත්‍රාවේ ගිය එහි ස්කීපර් ලෙස කටයුතු කළ සුරේෂ් ලක්ෂාන් තිස්හතර හැවිරිදි සිව් දරු පියෙකි. ධම්මික ප්‍රදීප් පතිරණ හතලිස් දෙහැවිරිදි එක් දරු පියෙකි. විසිඑක් හැවිරිදි කසුන් තාරක අවිවාහකය. විසිහය හැවිරිදි ගිහාන් ලක්ෂාන් අබේනායක එක් දරු පියෙකි.සුමිත් පුෂ්ප කුමාර විසිහය හැවිරිදි දෙදරු පියෙකි.,පනස් තුන් හැවිරිදි තුසිත කමල් ගුණරත්න දෙදරු පියෙකි.

අප්‍රේල් මස 26 වැනිදා මුහුදු ගිය මේ ධීවරයින් හයදෙනාම මැයි මස 14 වැනිදා වනකම්ම ගොඩ බිම සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් එදිනෙන් පසු මේ ධීවරයින් සය දෙන ගොබිම සමග මේ වන තෙක් සම්බන්ධතා පණවා නැති බවද ඔවුන්ගේ පවුල්වල අය කියති.

තමන්ලා මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කළද ඊට මෙතෙක් යහපත් පතිචාරයක් නොලැබුනු බහ එම ධීවරන්ගේ පවුල්වල අය හැඩූ කදුලින් කියති.

මහ මුහුදේ අතරමංවී සිටී නම් හෝ වෙනයම් රටකට ගොස් සිටීනම් මේ ධීවරයින් සයදෙනාම නිරුපදිතව ගොඩබිමට රැගෙනවිත් දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඔවුනගේ පවුල්වල අය ඉල්ලා සිටිති.

අප මේ සම්බන්ධයෙන් ගාලු දිස්තික් පාර්ලිමේන්ටු මන්තී හා නියෝජය ධීවර අමාතය රත්න ගමගේ මහතාගෙන් විමසූවිට ඒ මහතා කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා එම ධීවරයින් හය දෙන බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...