මහ කන්නයේ වී ගොවීන්ට රු.බි. 13කට අධික පොහොර සහනාධාර

Date:

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙවර (2025/2026) මහ කන්නයේ වි වගාකළ ගොවින් 937,897 දෙනෙකු සදහා පොහොර සහනාධාර මුදල් ලෙස රුපියල් එක්දහස්තුන්සිය පනස්නමකෝටි, විසිදෙලක්ෂ,අනුහත්දහස්හයසියපනස් එකයි ශත පනහක මුදලක් (13,592,297,651.50) ම ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 31 දින වනවිට මෙම මුදල ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට තිබුණි. ගොවින් විසින් වගාකරණු ලැබු කුඹුරු හෙක්ටයාර් 676,580.24 සදහා මෙම මුදල ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මිට අමතරව දිට්වා සුලි කුණාටුව නිසා හානි වූ, වී වගාව සිදු කරන ලද කුඹුරු ඉඩම් හා 2025/26 මහ කන්නයේ දී නැවත වී වගා කල නොහැකි ලෙස විනාශයට පත් වූ කුඹුරු ඉඩම් වෙනුවෙන් රුපියල් මිලියන 7,500.75 ක මුදලක් ගොවින් 96,859 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. හානියට පත් කුඹුරු හෙක්ටයාර් පනස්දහසක් (50,000) සදහා මේවනවිට මෙම වන්දි මුදල් ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...