වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නීති දැඩිවෙයි

Date:

නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වනවිට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතියද ලැබී ඇති බවය.

පළාත් සභා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දිවයිනේ පවත්වාගෙන යන සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නව රෙගුලාසිවලට යටත්ව කටයුතු කළ යුතු වන අතර, ලියාපදිංචි නොවූ හෝ නීත්‍යානුකූල නොවන ස්ථානවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙස භාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

වැඩිහිටි නිවාස අතර ඇතැම් ආයතන ඉතා හොඳ මට්ටමින් පවත්වාගෙන යන නමුත්, ඇතැම් ස්ථානවල ප්‍රමාණවත් පහසුකම්, ආරක්ෂාව සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි ප්‍රමිතියෙන් තොර ආයතන ඉදිරියේදී පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර, දිවයින පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 455ක් පමණ ක්‍රියාත්මක වන අතර, රජය මගින් සෘජුව පවත්වාගෙන යන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 03ක් බවද අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...