තායිවානයට ප්‍රබල භූමිකම්පනයක්

Date:

තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් මින් වූ හානිය පිළිබඳ තොරතුරු වාර්තාකර නොමැත.

භූමිකම්පාව කිලෝමීටර් 11.9 (සැතපුම් 7.39)ක් ගැඹුරින් සිදුව ඇති බව තායිවාන බලධාරීන් පවසයි.

2016 වසරේ දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගිය අතර, 1999 වසරේ ඇති වූ රික්ටර් මාපකයේ 7.3ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මිය ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...