කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

Date:

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු නිලධාරීන් මෙම ගැටුම් නතර කිරීම සඳහා කටයුතු කරන මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.

“කෙසේ හෝ වේවා අපි මේ යුද්ධය ජයගන්නවා. එය ඉතා වේගයෙන් සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා,” ලෙසින් ද ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමෙරිකාව මෙම යුද්ධයෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...