ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

Date:

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවා තිබේ.

වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත.

“එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත” ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී ඇත.

එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට නරක ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජනපති ට්‍රම්ප් පවසා තිබේ.

කෙසේ නමුත් අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ලකරන බවට ඉරානද තර්ජනය කර තිබුණි.

අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හොඳින් සිදුවන බව ට්‍රම්ප් මීට පෙරද පවසා සිටි අතර, ඉරානය පිළිගත් ගිවිසුමකට එළැඹිය යුතු යැයි දැනුම්දී ඇත.

“ඉදිරි දින 10 තුළ ඔබට ඒ ගැන බොහෝ විට සොයා ගැනීමට හැකිවෙයි. මම හිතන්නේ ඒ සඳහා උපරිම දින 10ක 10ක කාලයක් ප්‍රමාණවත්” ඔහු පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය දැනුම්දී ඇත්තේ, තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන බවය.

නමුත් සිය රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ඉරානයද ප්‍රතිචාර දක්වනු ඇති බවය. ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් එය එසේවන බවට දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...