ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළම සීමාවට

Date:

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම අඬාල වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.

හෝමුස් හරහා ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...