බොරතෙල් මිල පහළට

Date:

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ තීරුබදු ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ශත 49කින් හෙවත් සියයට 0.45කින් පහළ වැටී ඩොලර් 109.06ක් ලෙස සටහන් විය.

එමෙන්ම, අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 0.33කින් පහළ වැටී ඩොලර් 103.32ක් ලෙස වාර්තා වී තිබේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියානු භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු මෙන්ම රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් පනවා තිබූ ප්‍රධාන සම්බාධක කිහිපයක් ලිහිල් කිරීමට නියෝග කර තිබුණි.

නමුත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, තත්ත්වය ඇගයීමට තවදුරටත් කාලය අවශ්‍ය බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා පවසා ඇත.

කෙසේවෙතත් මැදපෙරදිග කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන්ධන සැපයුමට එල්ල වී ඇති අවදානම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඩොලර් 100 සීමාවට ඉහළින් පවත්වා ගැනීමට හේතු වී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...