ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි

Date:

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කළ වාර්තාවේ දැක් වේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත් වුණා.

ඉන් පවුල් 33,622කට අයත් පුද්ගලයින් 114,126දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක රදවා සිටින බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පූර්ණ නිවාස හානි 4309ක් සිදුව ඇති අතර තවත් නිවාස 69,635කට අර්ධ හානි සිදුව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...