මඩකලපුව මාර්ගයේ දුම්රිය අද සිට යළි ආරම්භ කරයි

Date:

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව සහ මනම්පිටිය අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග කොටසකට ආපදා හේතුවෙන් හානි සිදුවිය.

ඒ හේතුවෙන් මඩකලපුව දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකි විය.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ද අද යළි ආරම්භ වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවයි.

සෑම දිනකම කන්කසන්තුරයෙන් උදෑසන 6.00 ට ගමන් අරඹන දුම්රිය, පෙරවරු 10.17 ට අනුරාධපුරයට ළඟා වෙයි.

අනුරාධපුරයෙන් නැවත පස්වරු 2.30 ට ගමන් ආරම්භ කරන දුම්රිය, පස්වරු 6.53 වන විට කන්සන්තුරයට ළඟාවීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...