ආණ්ඩුව මේ අවුරුද්දටම කලේ ජාවාරම්කරුවන් දිරිමත් කිරීමයි.

Date:

නවවැනි විධායක ජනාධිපති පත්වීම සහ දේශපාලන පෙරළියක් ඇති වී වසරක් ගත වන අද දිනට රටට සිදුවී ඇති දෙය කුමක්ද? ඒ පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? ආණ්ඩුව ඊට නායකත්වයේදී තිබෙනවාද? නැද්ද? පිළිබඳ ප්‍රශ්න සහගත තත්ත්වයක් තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකයින් මහතා අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කළේය.

”මේ ආණ්ඩුව හා ජනාධිපති බලයට පත්වුණේ පෙර ආණ්ඩු සහ නායකයෝ ඒ කරපු ක්‍රියාදාම වල අඩුපාඩු පෙන්වලා. ඒ විතරක් නෙමෙයි 76වසරක් තුළ රටට මොකුත් සිද්ධ වුණේ නෑ කියන බරපතළ චෝදනාව කරමින්. දූෂණයට, හොරකමට, වංචාවට විරුද්ධව පෙනී සිටිනවා කිව්වා. මහජනතාව තුළ දේශපාලකයන් හා රටේ නායකයන් කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් තමයි ඔවුන් ඇති කරලා තිබුණේ. ”

”ආණ්ඩුවක මුල් වසර දෙක තුන තමයි ඉතා සුවිශේෂී කාලය. ඒකට කියන්නේ මදුසමය ගතකරන කාලසීමාවක් කියලා. හැබැයි එන්.පී,පී ආණ්ඩුවේ පළවෙනි වසර ජනතාවට මොනවාද ඉටු කරලා තියෙන්නේ? මොනවද තියෙන අභියෝග? ඒ අභියෝග ජයගන්න ආණ්ඩුව ජනාධිපතිවරයා ක්‍රියා කරලා තිබෙනවාද? කියලා ආපහු හැරී බලන්න හොඳම අවස්ථාව මේ. පහුගිය ආණ්ඩු කරපු දේවල් ඉස්සරහට ගෙනියන එක කරන්න ඕනා. ඒක අවශ්‍යයි. ඒක විවේචනය හෝ ඊට දොස් කියන්නේ නැහැ. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ක්‍රියාදාමය කරනවාද නැද්ද? ”

”පළවෙනි දේ මම දකින්නේ ජාවාරම්කරුවන් දිරිමත් කළ අවුරුද්දක් විදිහට. විශාල ආන්දෝලනාත්මක කතාවක් තිබුණා කන්ටේනර් 323 ක් නිදහස් කිරීම ගැන. නිදහස් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඒ ගැන පරීක්ෂණ කරපු ආණ්ඩුවේ කමිටුව වාර්තා සඳහන්ක ක ළ දේවල් ආණ්ඩුව සත පහකට ගණන් ගත්තේ නෑ. ජාවාරම්කරුවන්ගේ බඩු භාණ්ඩ නිදැල්ලේ නිදහස් කිරීම සහ ජාතික ආරක්ෂාවට බලපාන , ජාතික ආරක්ෂාවට අභියෝග වන ඒ කන්ටේනර් 323 නිදහස් කිරීම ජාවාරම්කරුවන් දිරිමත් කිරීමකට ගත්ත පියවරක් ලෙස චෝදනාව තියෙනවා.”

”ආණ්ඩුව සහල් සහ ලුණු ගෙනාවේ,එක හාල් ාඇටයක් පිටින් ගේන්නෙ නෑ කියල ගොවි ජනතාවට පොරොන්දු දීලා. බඩගින්න උකස් කරලා ආනයනය කරනවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ගෙනාපු‍ හැම හාල් කිලෝ එකකින්ම ආණ්ඩුව රුපියල් 50 බද්දක් ගත්තා. මිලියන 8300 ක් ආණ්ඩුව මිනිසුන්ගෙන් බඩඩගින්න විකුණලා බදු අරගෙන තියෙනවා. අනිත් පැත්තට සහල් මාෆියාවක් ඇති කරන්න ඉඩ දෙන වෙළෙඳ ප්‍රතිපත්තියක් තමයි ආණ්ඩුව අනුගමනය කරලා තියෙන්නේ. ”

”ඉන්දියාව එක්ක ගිවිසුම් හතක් අත්සන් කළා. බලයට පත්වෙන්න කලින් අනුර කුමාර දිසානායක කිව්වෙ හොර ගිවිසුම් අත්සන් කරන්න කිසිම නායකයෙකුට බලය දීල නෑ කියලා. හැබැයි එහෙම කියපු අනුර කුමාර ඇතුළු නායකයෝ අද ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම පිළිබඳ රටට හෙළි කරන්නේ නැතුව රහස් ගිවිසුමක් විදියට තියාගෙන ඉන්නවා. සමහරු කියනවා ජාතික ආරක්ෂාවට බලපාන කරුණු බොහොමයක් තිබුණා කියලා. ඒ ඔක්කොම ඉන්දියාවට විකුණන්න ගත් තීරණ කියලා සමහරු තර්ක විතර්ක කරනවා. එතකොට හොර ගිවිසුම් හතක් අත්සන් කළ වසරක් විදිහට අපි මේක දකිනවා. ”

”ඊයේ පෙරේදා තිබූ විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනය දෙස හැරී බලද්දී මූලිකම හේතුව තමයි විදුලිබල මණ්ඩලයේ කොටස් හතරකට කඩලා විකිණීම. විකුණනවා කියන එක පස්සේ කියැවෙයි. දැන් කියනවා ප්‍රතිව්යූහගත කරලා කියලා. අනුර කුමාර දිසානායක මේකට විරුද්ධව පාර්ලිමේන්තුවේ කොච්චර කතා කළාද. විදුලිබල මණ්ඩලය බලශක්තියේ ප්‍රධාන කේන්ද්‍රස්ථාානය. බලශක්ති පිළිබඳ විෂය කිසිසේත් බාහිර අංශවලට යන්න දෙන් නෑ කියලා කියමින්, විදුලි බල මණ්ඩලයේ කොටස් හතරකට වෙන් කරන්න ගත් ගත් පියවර විවේචනය කරමින් ඉඳලා, දැන් ඒකම අනුගමනය කරනවා. මේකෙන් හදන සමාගම්ස හතර ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද පෞද්ගලික අංශයේ සහාය ගන්න උත්සාහ කරන්නේ නෑ කියලා. එහෙම නම් ඇයි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මුදල් ගෙවලා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න කියන්නේ? කොටස් වෙළඳපොළට දාන්නෙ නෑ කියනවනම්, ආණ්ඩුව විදුලි බල මණ්ඩලයට බලශක්ති සුරක්ෂිත කිරීමේ අයිතිය තියාගන්නවා කියලා කිව්වා නම් මොකටද ආණ්ඩුව ප්‍රතිව්‍යූහගත කලේ.? විදුලි බල මණ්ඩලය පහුගිය කාලේ ලාභ ලබමින් තිබෙනවා. පාඩුවක් නැහැ. අධික ලෙස මිල වැඩි කිරීම නිසා විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන කොට ඇයි මෙහෙම කරන්නේ? කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන සේවකයන්ගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාදාම වල අඩුපාඩු තිබෙනවා. අවසානයේ විදුලි බල මණ්ඩලය තල්ලු වෙන්නෙ කොටස් වෙළඳපොලේ මේවා විකුණා දමන්න ගන්න උත්සාහයක් විදියට. මේ වසරේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන්න ක්‍රියාදාමයක් ආණ්ඩුව ආරම්භ කරලා තියෙනවා. ”

”ආණ්ඩුව ආරම්භ කළා කියන ව්‍යාපෘති පිළිබඳ කතා කළොත් ,මධ්‍යම අධිවේගී මාර්ගය. ඒකට මමත් කැමති. ප්‍රශ්නය තියෙන්නේ ඒක ආරම්භ කළ කරලා පළවෙනි අදියරේදී වැඩ කටයුතු නැවතුනේ පණ්ඩුකරද ගහ මුල් කරගෙන npp jvp හා තවත් කණ්ඩායම් ගණනාවක් පඬුකරද ගහට පිරිත් කියමින් දේවත්වෙන සලකන ගහක් , පාර වෙනස් කරන්න ඕන කියලා පෙළපාළි ගිහින්.ඒවන විට බිලියන 180ක් වන ඇස්තමේන්තුව දැන් බිලියන 450ක් දක්වා වැඩි වෙලා. කවුද මේකට වගකියන්න ඕන. මේවා සුළුකොට මුදල් ප්‍රමාණයක් නෙමෙයි. එය ජාතික මුදල් යම් ආකාරයකට නාස්ති කිරීමක් .”

”අධිවේගී මාර්ග ඕන නෑ කියල එදා මේ අය කිව්වා. මේ වගේ ජාතික ව්‍යාපෘති මොනතරම් කඩාකප්පල් කලාද? මෙහෙම කරලා දැන් වැඩියෙන් ගෙවලා එම කොන්ත්‍රාත්කරුවාටම බාර දීලා තියෙනවා. මේවා දෛවයේ සරදම්, ඒ සියල්ල දරන්න ඕනා රටේ මහජනතාව.”

”මං දැක්කා උතුරේ ගිහින් පොල් ත්‍රිකෝණ අලුතෙන් නිර්මාණය කරනවා කියලා කිව්වා. ඒ වගේම මං දැක්කා උතුරේ ගිහින් සොබාදනවි, රිවි දනව් ව්‍යාපෘති පටන් ගන්නවා කියලා කිව්වා. මේ සියල්ල පරණ ආණ්ඩුවලින් කළ වැඩසටහන්. පහුගිය ආණ්ඩුවල ව්‍යාපෘති තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ”

”නීතිය ආධිපත්‍ය බිඳ වැටීම, පහුගිය දින 365 තුළ වෙඩි තැම්බීම 180ක් මරණ 59 තුවාල තුවාල 57ක්. මේවා හොරෙන් කලා නෙවෙයි. පොඩි ලැසියි, කුඩු සලිඳු මේ ඔක්කොම පැනල ගිහිල්ල. අත්අඩංගුවට ගත්ත අය දැන් ලංකාවෙත් නැහැ. මොකක්ද මේ නීතිය ආධිපත්‍යයේ තිබෙන හිඩස? මේක වහගන්නත් ආණ්ඩුව අසමත් වෙලා? පාතාල මර්දනයට ආණ්ඩුවට වුවමනාවක් තියෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. නීතිය මේ වසර තුළ හෑල්ලුවට ලක්වෙලා තියෙනවා.”

”මන්නාරම සුළං විදුලි බලාගාරය මෙගාවොට් 50 ටෙන්ඩර් පටිපාටියෙන් පිට දේශපාලන හිතවතුන්ට දීලා තියෙනවා.මෙය තමයි අවුරුද්දක ප්‍රගතිය. මේ රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නේ නෑ. ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් ඉවත් කරනවා කියපු බදු ඉවත් කරලා නැහැ, විදුලි බිල අඩු කළේ නෑ, තෙල් මිල අඩු කළේ නෑ, ජීවන වියදම අඩු කරනවා කීවාට ප්‍රතිඵල සහිතව ඔප්පු කරලා නැහැ. ඒ කිසිවක් වෙලා නෑ. රටකට පවතින අභියෝගය කුමක්ද කියා අඳුරා ගන්නේ නැති ආණ්ඩුවක්. මේ වර්ෂ දෙක තුළ අපි අපේ ආර්ථිකය ප්‍රවර්ධනය වේගය වැඩිකර ගත්තේ නැත්නම් අපි 2028 ඉඳලා මුහුණ දෙන අභියෝගයන් මොනවාද කියලවත් ආණ්ඩුව තේරුම් අරන් නෑ. ” හෙතෙම වැඩිදුර සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...