විදුලි සේවකයින්ගේ කල් මැරීම සහ ඉවසීම නොහැකියාව නොවේ.

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පවසන්නේ විදුලි සේවකයන් විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘතීය ක්‍රියාමාර්ගයට දින 18ක් සම්පූර්ණ වීමත් සමඟ ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයේ සියළු ඉහළ නිළධාරීන් ප්‍රසම්පාදන සහ ප්‍රතිව්‍යුහ ගතකිරීමේ කමිටුවලිනුත් ඉවත්වීමට තීරණය කළ බවයි.

ඔහු පවසන්නේ අදින් (22) පසු විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් අමාත්‍යවරයාට අමාත්‍යංශ ලේකම්වරයාට සාමාන්‍ය අධිකාරීවයාට හෝ සභාපතිවරයාට වග නොකියන බවයි.

කෙසේවෙතත් මෙම තත්වය එළඹෙන 24 වැනිදා වනතුරු පමණක් පවත්වාගෙන යන බවත් අද (22) දහවල් රැස්වීමට නියමිත විදුලි සේවක වෘතීය සමිති විසින් මින් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසීය.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විදුලි සේවකයින්ගේ මෙම කල් මැරීම සහ ඉවසීම නොහැකියාවක් ලෙස නොසලකන ලෙසයි.

රට අඳුරට පත්වීම සහ ජනතාව අපහසුතාවට පත්වීමත් පිළිබඳ සිතා බලා මේ ආකාරයට කටයුතු බැවින් විදුලි සේවකයින් එම තත්වයට පත්කිරීමට කටයුතු නොකරනා ලෙසත් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා බලධාරී වෙත අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්‍යාව 79යි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ...

අදත් මි.මී. 100ක පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම...

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...