ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පවසන්නේ විදුලි සේවකයන් විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘතීය ක්‍රියාමාර්ගයට දින 18ක් සම්පූර්ණ වීමත් සමඟ ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයේ සියළු ඉහළ නිළධාරීන් ප්‍රසම්පාදන සහ ප්‍රතිව්‍යුහ ගතකිරීමේ කමිටුවලිනුත් ඉවත්වීමට තීරණය කළ බවයි.
ඔහු පවසන්නේ අදින් (22) පසු විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් අමාත්‍යවරයාට අමාත්‍යංශ ලේකම්වරයාට සාමාන්‍ය අධිකාරීවයාට හෝ සභාපතිවරයාට වග නොකියන බවයි.
කෙසේවෙතත් මෙම තත්වය එළඹෙන 24 වැනිදා වනතුරු පමණක් පවත්වාගෙන යන බවත් අද (22) දහවල් රැස්වීමට නියමිත විදුලි සේවක වෘතීය සමිති විසින් මින් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසීය.
මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විදුලි සේවකයින්ගේ මෙම කල් මැරීම සහ ඉවසීම නොහැකියාවක් ලෙස නොසලකන ලෙසයි.
රට අඳුරට පත්වීම සහ ජනතාව අපහසුතාවට පත්වීමත් පිළිබඳ සිතා බලා මේ ආකාරයට කටයුතු බැවින් විදුලි සේවකයින් එම තත්වයට පත්කිරීමට කටයුතු නොකරනා ලෙසත් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා බලධාරී වෙත අවධාරණය කළේය.




