රනිල්ගෙන් විශේෂ නිවේදනයක්.!

Date:

බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ජනතාව එක් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු පවසන්නේ බහු පක්ෂ ක්‍රමය ගිලිහී ගියහොත් රටේ ජනතාවගෙන් බොහෝ පිරිසකට හඬ නැඟීමට අවස්ථාව නොලැබෙන බවයි.

අපේ රට විවිධ අදහස් සහිත සමාජයකින් සැදුම්ලත් එකක් බැවින් රට තුළ බහු පක්ෂ ක්‍රමය පවත්වාගෙන යෑම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය සාධකයක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. බහු පක්ෂ ක්‍රමය ඩෝසර් කිරීමේ පිළිවෙතක ජාතික ජන බලවේග ආණ්ඩුව යෙදී සිටින බවටද ඔහු චෝදනා කරයි.

එනිසා එම පිළිවෙතට විරුද්ධව සියලු දේශපාලන පක්ෂ එක්විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

1947 සිට ශ්‍රී ලංකාව බහු පක්ෂ ක්‍රමය යටතේ ගමනක් යමින් සිටින බවත් ගත වූ අවුරුදු හැත්තෑ හයේ සිටි පාලකයන් රට වෙනුවෙන් බොහෝ දේ කළා සේම කිරීමට නොහැකි වූ දේ තිබූ බවත් ඔහු පවසයි.

බහු පක්ෂ ක්‍රමය යොදාගෙන බොහෝ රටවල් දියුණුවට පත්ව ඇති බවත් ඇතැම් රටවල් බහු පක්ෂ ක්‍රමය නිවැරැදිව ක්‍රියාත්මක නොකිරීමෙන් ඇදවැටුණු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...