එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලුම දෙනා දංගෙඩියට යන එක නතර කරන්න එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට එක්වෙමින් සඳහන් කළේ,
“මේක තමයි අපි මතක තියාගන්න ඕන තමුන්නාන්සේලා සියලුම දෙනාම. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. හෙට අනිද්දා වෙනකොට අනිත් කට්ටියටත් මේක එනවා. මේවා වෙනකොට ඊට කලින් ඇමතිවරු කියනවා. හෙට දෙන්නෙක් යනවා. අනිද්දා තව දෙන්නෙක් යනවා. ලොකු එක්කෙනෙක් යනවා. ඇමති කෙනෙක් යනවා. මොකක්ද මේ කරන්නේ.
එනිසා මතක තියාගන්න අපි එකතු වුණේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව. මතක තියාගන්න, මේක මෙතනින් නතර කරන්න අපිට බෑ. 79 වසරක අපේ මේ එකමුතුව ඊළග ආණ්ඩුවක් හදන තැනකට මේක තල්ලු කරනකල් අපි අරගෙන යන්න ඕනි.
ඒකේ කාටද අරක හම්බෙන්නේ, කාටද මේක හම්බෙන්නේ, ඒවා පැත්තක. ඒවා පස්සේ බලාගමු. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම කියනවා, සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අපි කියනවා, කරුණාකරලා මේ එකමුතුව අතහරින්න ලෑස්තිවෙන්න හදන්න එපා.
අපි ඔක්කොම දංගෙඩියට යන එක නතර කරන්න සියලු දෙනා එකතුවෙන්න ලෑස්ති වෙන්න කියලා අපි ආදරයෙන් මතක් කරන්න කැමතියි.”




