අනීතික ඉපයීම පිළිබඳ වසන්තට චෝදනා.

Date:

වර්තමාන සමාජය තුල දැඩිව කතා බහට ලක්වී තිබෙන Digitel Currency වල නීත්‍යානුකූලබාවය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහාත් වර්තමාන ජාතික ජන බල වේග ආණ්ඩුවේ අමාත්‍යවරු පවා මෙම Digitel Currency වලින් මුදල් ඉපයීමේ ක්‍රියාවලියේ නිරත වී ඇති නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවත් මෙවැනි ක්‍රියාවලට යොමු වීමට ඉඩ ඇති බවත් ඒ නිසා මහජනතාවට මේ සම්බන්ධයෙන් නිවරදි හා සත්‍ය තොරතුරු දැනුම්වත් කිරීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට ලිපියක් බාර දුන් බව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් මහතා හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා යන අයවලුන් ප්‍රකාශ කරන ලදී.

වර්තමාන වාණිජ ආහාර සුරක්ෂිතතා සහා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතුව කෝටි 27 ක වත්කමක් තිබෙන බවත් එම වත්කම් උපයා ගැනීමේ දී Digitel Currency ක්‍රමවේදය බාවිතා කර ඇති බවත් සඳහන් කර ඇත . Digitel Currency තුල තිබෙන Crypto Currency වල ඒකක කිහිපයක් පවතින බවත් එම ඒකක වලින් කුමන ඒකකය තුල වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මුදල් යොමු කර තිබෙන්නේ ද යන්න රටට හෙලිදරව් කරන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සාමාන්‍ය යෙන් Crypto Currency තුල තිබෙන Bitcoin එකක් මිලදී ගැනීම සඳහා සාමන්‍යෙයන් කෝටි 03 කට වැඩි මුදලක් අවශ්‍ය වේ. ඒ අනුව Digitel Currency තුල කුමන හෝ ආයෝජනයක් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බව අපට පැහැදිලිය. Digitel Currency තුල ඔහු විසින් මෙම ආයෝජිත මුදල කෙසේ උපයා ගත්තේ දැයි පැහැදිලි විමර්ශනයක් සිදු කල යුතු බව වැඩි දුරටත් සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කර සිටියේය.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නඩත්තු වෙන්නේ මහජනතාවගෙනි. මාලිමා මන්ත්‍රීවරුන් නිතරම සදහන් කරන්නේ ඔවුන්ගේ වාහන වලට අවශ්‍ය ඉන්දන, පරිභෝජනයට අවශ්‍ය හාල්,පොල්,සීනි,කිරිපිටි මෙන්ම ඇදුම් පැළදුම් ආදි සියලු දේවල් මහජනතාව විසින් ලබා දෙන බවයි. එහෙත් මෙපමණ කෝටිගණන් වත්කම් තබා ගෙන දුගී ජනතාව මත යැපීම රටේ කණගාටුවට කරුණක් බව සඳහන් කලේය. එමෙන්ම පොහොසත් රටක් නිර්මාණය කිරීමට පත් වු ආණ්ඩුව තුලින් වර්තමානය වනවිට සිදු වි තිබෙන්නේ රට දුප්පත් වී ආණ්ඩුවේ මැති ඇමතිවරු පොහොසත් වී ඇති බවයි. එමෙන්ම මහජනතාවට සහන දීමට පැමිණි ආණ්ඩුවක් අද දිනෙන් දින අපකීර්තීයට පත් වී ජනතාව විථි සටන් පවත්වන මට්ටමට පැමිණ ඇත. එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ ආණ්ඩුව පැවසු පරිදි ජනතාවට සහන ලබා නොදී ආණ්ඩුවේ මැති ඇමතිවරු සුරසැප විදීමයි.

මෙම Digitel Currency Digitel Currency සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් බවට සමාජ මතයක් පවතින බැවින් ශ්‍රී ලංකාව තුල Digitel Currency භාවිතය පිළිබඳව නීත්‍යානුකූ බාවය හා එය අප රට තුල පිළිගත් මුදල් ඒකකයක් ද යන්න අමාත්‍යංශ ලේකම්තුමන්ගෙන් පැහැදිලි පිළිතුරක් මේ සඳහා බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...