බොරු බෙහෙත් ගෙන්වු කණ්ඩයමට අධි චෝදනා ගොණු වේ.

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට ප්‍රමිතියෙන් තොර බොරු එන්නත් මිලදී ගෙන මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ලෙස හදුන්වන ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අධිචෝදනා 12ක් විත්තිකරුවන්ට එල්ල කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ, ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්,වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය,වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත,වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ධර්මසිරි රත්නකුමාර හේරත්,හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,හදිසි ප්‍රසම්පාදන ක‍්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක,වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන,ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...