LAUGFS හා එක් වූ දම්මික පෙරේරා

Date:

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා, විවිධාංගීකරණය වූ LAUGFS Holdings Ltd සමාගම සිය ව්‍යාපාරික අධිරාජ්‍යයට එක්කර ගැනීමට සූදානම් වෙනවා.

මෙම අත්පත් කර ගැනීම, ඔහුගේ නවතම ආයෝජන හිමිකාරී සමාගම වන වැලිබල් හරහා සිදු කෙරෙනවා.

එය 50:50 හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා සහ LAUGFS හි සභාපති W.K.H. වෑගපිටිය අතර අවබෝධයකට එළඹී ඇති බවත් වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් ආයතනවල 51% හෝ ඊට වැඩි පාලන කොටස් අත්පත් කර ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කළ ධම්මික පෙරේරා, මෙවර හොඳින් කළමනාකරණය වන සමාගමක් සමඟ 50% ක කොටස් හවුල්කාරීත්වයක් සඳහා එකඟවීම විශේෂත්වයක්.

මෙම ගනුදෙනුව තුළින්, LAUGFS හි සම-නිර්මාතෘ සහ උප සභාපති තිලක් ද සිල්වා සතු 39%ක කොටස් දැනටමත් අත්පත් කරගෙන ඇති අතර, ඉතිරි 10%ක කොටස් අත්පත් කර ගැනීමට නියමිතයි.

මෑතකදී සිය 30වන සංවත්සරය සැමරූ LAUGFS ආයතනයයේ සේවකයින් 3,500ක් සේවය කරන කර්මාන්ත 25කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියනවා.

LAUGFS ආයතන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වන මෙම සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 160කට අධිකයි.

LAUGFS සමාගම සතු ප්‍රධාන ව්‍යාපාර අතර, LAUGFS Gas, LAUGFS Maritime, LAUGFS Terminals, LAUGFS Power, LAUGFS Supermarkets, සහ LAUGFS Leisure වැනි සමාගම් ඇතුළත් වෙනවා.

LAUGFS අත්පත් කර ගැනීමට පෙර, ධම්මික පෙරේරා වැලිබල් X හරහා East-West Properties PLC සහ DHT Cement Ltd. හි පාලනය අත්පත් කර ගෙන සිටියා.

ඔහුට අයත් ව්‍යාපාර අතරට ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන හේලීස් PLC ඇතුළත් වෙනවා.

ඊට අමතරව ඔහු, සිංගර් PLC, රෝයල් සෙරමික්ස් PLC, ලංකා ටයිල්ස් PLC, සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, LB ෆිනෑන්ස්, සහ වැලිබල් ෆිනෑන්ස් වැනි සමාගම්වල ප්‍රධාන කොටස් හිමිකරුවෙක්.

මෙම පුවතත් සමඟ, කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජකයින් LAUGFS Gas PLC කෙරෙහි ඔවුන්ගේ උනන්දුව වැඩි කර තිබෙනවා.

ඊට සමගාමීව පසුගිය සතියේ කොළඹ කොටස් වෙළඳපොලේ LAUGFS Gas PLC හි කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රහස්පතින්දා (04) දින කොටස් මිල 15%කින් සහ සිකුරාදා තවත් 7%කින් ඉහළ යමින් සති 52ක නව ඉහළම අගය වාර්තා කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...