සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා එක්විය.
සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම අරමුණු කරගත් මෙගාවොට් 5 හා මෙගාවොට් පැය 10.7ක මෙරට පුරෝගාමී විදුලි බැටරි ගබඩාකරණ වයාපෘතිය ලෙස හැදින්විය හැකි මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් 11.9ක කොරියානු ජනරජයේ විශේෂ මූල්‍ය ප්‍රධානයකින් ඉදි කෙරෙයි.
මෙම ව්‍යාපෘතිය දිවා කාලයේදී අවම වියදමකින් නිෂ්පාදනය කෙරෙන සූර්ය විදුලිය ගබඩා කර තබාගෙන රාත්‍රී විදුලි ඉල්ලුම උපරිම කාලයේදී පද්ධතියට මුදා හැරීම තුළින් විශාල ආර්ථිකමය වාසි අත්කර දෙන අතරම දිවා කාලයේ විදුලි ඉල්ලුම අවම වන විට සූර්ය විදුලි සැපයුම අධික වීම නිසා විදුලිබල පද්ධතියේ ඇතිවිය හැකි අස්ථායිතාවය මගහැරවීම සඳහා ඇති ප්‍රායෝගික විසඳුම් ක්‍රියාවලියකි.
මෙම වසර අවසානයට පෙර ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතය.




