මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේදී, එක්සින ප්‍රතිපත්ති අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 25කින් (bps) ඉහළ දමා 9.00% දක්වා ගෙන ඒමට තීරණය කළේය.

දේශීය හා ගෝලීය තත්ත්වයන්ගේ වෙනස්වීම් සහ ඉදිරි දැක්ම පිළිබඳව ඉතා සැලකිලිමත්ව සලකා බැලීමෙන් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළඹුණ බව මහ බැංකුව නිවේදනය කරයි.

මැද පෙරදිග පවතින ගැටුම අපේක්ෂා කළාට වඩා දිගු කාලයක් තිස්සේ පවතී. ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ ආහාර මිල ගණන් ඉහළ යාම යන කරුණු දේශීය වශයෙන් උද්ධමන පීඩනය තවදුරටත් උත්සන්න කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2026 ඔක්තෝබර් මාසයේදී උද්ධමනය (වසරින් වසර) 8.3% දක්වා ඉහළ ගිය බව මහ බැංකුව නිවේදනය කරයි.

බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාමේ බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය (Core inflation) ද ඉහළ ගිය බවත් මෑතකදී ගෝලීය බලශක්ති මිල ගණන් යම්තාක් දුරකට පහත වැටී ඇති බවත් මහ බැංකුව පවසයි. කෙසේ වෙතත්, මීට පෙර බලශක්ති මිල ගණන් ඉහළ යාමෙන් ඇති වූ ද්විතීයික බලපෑම් හේතුවෙන්, නුදුරු අනාගතයේදී මිල මට්ටම් මත පීඩනයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව සඳහන් කරයි.

නවතම පුරෝකථනවලට අනුව, 2027 වසරේ දෙවන භාගයේදී උද්ධමනය 5% ඉලක්කය වෙත නැවත පැමිණීමට පෙර, නුදුරු කාලීනව සහ මීට පෙර අපේක්ෂා කළාට වඩා දිගු කාලයක් පුරා උද්ධමනය ඉහළ මට්ටමක පැවතිය හැකියාවක් පවතින බවද මහ බැංකු නිවේදනයේ දැක්වෙයි.

2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ පියවරවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාත සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය තවමත් ඉහළ මට්ටමක පැවතියද, එහි වර්ධන වේගය අඛණ්ඩව මන්දගාමී වෙමින් පවතී.

මේ අතර, ගෝලීය ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද, බාහිර අංශය ස්ථාවරව පවතී. රජයේ ණය සේවා ගෙවීම් සිදු කෙරෙමින් පවතින අතරතුර, මහ බැංකුව විසින් අඛණ්ඩව විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන්, 2026 ඔක්තෝබර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් පමණ දක්වා ඉහළ ගිය අතර, ශ්‍රී ලංකා රුපියලේ අගය ද බොහෝ දුරට ස්ථාවරව පැවතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...