ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්ර ලෙස පහළ යමින් පවතින අතර, මේ වනවිට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වී තිබේ.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇත.
මෙම තත්ත්වයත් සමඟ ශ්රී ලංකාවේ රන් මිල ද අද (20) රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ මිල ගණන් අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් වී තිබේ.
ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.



