2027 වසර සඳහා වන අයවැය කථාව

Date:

මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 700 ක් වෙන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් පරිවර්තන සහ ඒකාබද්ධ කළමනාකරණ පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.

කඳුකර පටු මාර්ග සහිත ග්‍රාමීය ප්‍රදේශ වලට අවශ්‍ය ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50 ක් මිලදී ගැනීමට රු. මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

දුර ගමන් සේවා මගින් හට සුව පහසු සහ ආරක්ෂිත සේවාවක් සැපයීම උදෙසා වායු සමනය කරන ලද බස් රථ 600 ක් ආනයනය කිරීම සඳහා දැනටමත් කටයුතු කර තිබෙනවා.

පෞද්ගලික අංශය ද මෙට්‍රෝ බස් යෙදවීම දිරිමත් කිරීමට දැනට මාර්ග බලපත්‍ර හිමියන්ට තමන්ගේ දැනට පවතින බස් රථ වෙනුවට පත්ල පහත් නවීන බස් රථයක් ධාවනයට එක්කිරීම දිරිමත් කරනවා.

මෙට්‍රෝ බස් සඳහා මේ දක්වාම රජය ආයෝජනය කර තිබෙනවා. මේ වන විටත් බස්රථ 120 කට අධික සංඛ්‍යාවක් ධාවනය කරනවා. තවත් බස් රථ 50 ක් 2027 වර්ෂයේ දී එම සමාගමට එකතු වීමට නියමිතය. එයට අමතරව විදුලි බස් රථ හඳුන්වා දීමටත් අපි සැලසුම්කරලා තියෙනවා. ඒ සඳහා බස් රථ 100 ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතයි. එම බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම, ආරෝපණය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, පුහුණුව ලබා දීම ආදී කටයුතු ලබන වර්ෂයේ ආරම්භ කරනවා. ඒ සඳහා රු. මිලියන 4,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මෙම වසරේ දී හඳුන්වා දුන් කොළඹ ආශ්‍රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාත කිරීමට අපේක්ෂා කරනවා.

දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය කිරීම, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000ක් යොදවනවා.

දැඩි තර්ජනයකට ලක්ව තිබෙන මධ්‍ය කඳුකරයේ ආරක්ෂාව යනු අප ජාතියේ අනාගතයේ ආරක්ෂාවයි. ඒ වෙනුවෙන්, ඒකාබද්ධ ජල පෝෂක කළමනා කරණ ප්‍රවේශයක් ස්ථාපිත කිරීම සහ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා ” ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනා කරණ අධිකාරියක් ” පිහිටු වීමට යෝජනා කරනවා. ඒ සඳහා වූ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම අධිකාරියට පැවරෙන කාර්යයන් වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක ණය ආධාරයක් ලබා ගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිර වෙරළ තීරයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුකපනේ ප්‍රදේශයේ වෙරළ ආරක්ෂාව, පරිසර වායු තත්ත්ව නිරීක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම, ඇතුළුව නව තිරසර පාරිසරික කළමනාකරණ ව්‍යාපෘති 10 ක් සඳහා රු. මිලියන 800 ක්.

වෙරළ තීරයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තෙල් කාන්දුවීම් වලින් සිදුවන සමුද්‍ර සහ වෙරළ දුෂණයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට ජපාන සහයෝගීතාව යටතේ රු. මිලියන 3,380 ක යාත්‍රා සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා.

අලි – මිනිස් ගැටුම හේතුවෙන් නිවාස හානි සඳහා වන්දි මුදල රු. ලක්ෂ 02 සිට රු. මිලියනය දක්වාත්, වන අලි ඇතුළු ආරක්ෂිත සතුන් පහර දීම, මිය යන හෝ පූර්ණ ඛෙලහීනතාවයකට පත්වන අයකුට ගෙවන වන්දි මුදල රු. මිලියන 01 සිට රු. මිලියන 02 දක්වාත්, අර්ධ බෙලහීනතාවයකදී ගෙවනු ලබන වන්දි මුදල රු. 150,000 සිට රු. ලක්ෂ 05 දක්වාත්, නිවාස අනෙකුත් දේපල සඳහා ගෙවනු ලබන මුදල රු. ලක්ෂ 02 සිට රු. ලක්ෂ 05 දක්වා වැඩි කිරීමටත් යෝජනා කරනවා

ශ්‍රී ලංකාවේ ජීව උරුමයක් වන වන අලි සම්පත ආරක්ෂා කර ගැනීම, සිදුවන හිංසනය වැළැක්වීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අතරමං වන අලි පැටව් මේ වන විට පුනරුත්ථාපනය කරනු ලබනුයේ ප්‍රදේශයේ ඇත් අතුරු සෙවණේ වන අතර ඉතා විශාල අලි පැටවුන් ප්‍රවාහනය සිදුවීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානමක් පවතිනවා. ඒ නිසා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 15 ක භූමි ප්‍රමාණයක නව ඇත් අතුරු සෙවනක් වෙනුවෙන් ඇස්තමේන්තුගත රු. 5,000 ක ප්‍රතිපාදන මිලියන කිහිපයකින් වන ජී වී අරමුදලෙන් ලබා දීමට අපේක්ෂා කරනවා.

සත්ත්ව සුබසාධනය වෙනුවෙන් වන සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය, නුවර ගම් රක්ෂිතය තුළ අක්කර 03 ක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇත. මෙම රෝහල ස්ථාපනය කිරීම සඳහා වන ජීවී අරමුදලෙන් රුපියල් මිලියන 700 ක්.

වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ තාප සංවේදී කැමරාව සැලසුම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ අනුව මේ වසරේ එම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත් වේ. එහි ප්‍රතිඵලය අනුව මෙම ව්‍යාපෘතිය ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

නව විදුලි වැට ඉදි කිරීමට, පවතින විදුලි වැට ප්‍රයෝජනයට මිලියන 250 ක් කර තිබේ. මීට අමතරව වන ජීවී අරමුදලෙන් දරු. මිලියන 200 ප්‍රතිපාදන ඒ සඳහා අපේක්ෂා කරනවා.

අලි – මිනිස් ගැටුම අවම කරමින් ජීවිත සහ වන අලි ආරක්ෂා කිරීමේ අරමුණින් 2026 ජුනි දී හඳපානාගල, කොහොලංකල, වැටහිර කන්ද අලි මංකඩ නිදහස් කර ඇති අතර නාච්චාදුව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරනවා.

කොළඹ වරායේ, සංචාරක නෞකා සංචාර (Cruise Tourism) මගී ප්‍රියන්තයක් ස්ථාපිත කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතුටින් ගාල්ල, තංගල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රකට මගී පර්යන්ත සේවා පහසුකම් නවීකරණය කිරීම සහ සංචාරකයන්ට සපයන සේවා පුළුල් කිරීමට රු. මිලියන 240 ක මූල්‍යයක් වෙන් කරනවා.

ඩෙංගු පාලනය කිරීම සඳහා ලෝක මදුරු මර්දන වැඩසටහන (World Mosquito Program (WMP) තාක්ෂණික සහ රජයේ සම මූල්‍ය දායකත්වයෙන් සපයන විද්‍යාත්මක වොල් බාකියා (Wolbachia) ඩෙංගු වාහක මර්දන ක්‍රමය රට තුළ පුළුල්ව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 400ක්.

සියලුම රෝහල් වල රෝග හඳුනාගැනීම් සහ ප්‍රතිකාර උසස් තත්ත්වයට අවශ්‍ය MRI, CT, Cath Lab ඇතුළුව, විධිමත් අධ්‍යයනයෙන් එය ඉහළ ගොස් ඇත සම්පුර්ණ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 65,587 ක ප්‍රතිපාදනයක් අවශ්‍ය වේ. මේ වෙනුවෙන් 2027 වසර සඳහා වෙන් කර තිබෙන රු. මිලියන 15,500 ක ප්‍රතිපාදනයට අමතරව රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

සෞඛ්‍යය සේවා තුළ අවුරුදු 20 කට වඩා පැරැණි ගිලන් රථ 400 ක් වන අතර 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25 කට වඩා පැරැණි ගිලන් රථ වේ. වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සහතික කිරීම පැරණි ගිලන් රථ වෙනුවට ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ගිලන් රථ 25 ක් ද ආසියානු සංවර්ධන බැංකුවේ සම්බන්ධීකරණයෙන් ජපානයෙන් ලැබෙන ප්‍රදානයක් ලෙස නව ගිලන් රථ 20 ක් ද ලබන වසර තුළ එක් කරනවා.

ගිලන් රථ 319කින් සමන්විත 1990 සුව සැරිය සේවය ව්‍යාප්ත කිරීම සඳහා මිලියන 1,725 ​ක ඉන්දියානු ආධාර යටතේ නව ගිලන් රථ 100 ක් 2027 වසරේ එක් කරනවා.

තඹුත්තේගම මූලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සැත්කමක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

රජයේ සහ පළාත් සභා පාලනය වන සියලුම පද්ධති මාධ්‍ය හරහා, අන්තර්ජාලය හරහා පුරවැසියෙකුගේ අවශ්‍යතාවය ගුණාත්මක සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට හැකි වන පරිදි මහජන සෞඛ්‍ය සේවාව ලබාගැනීම සහ වැඩි දියුණු කිරීම දියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම ලෙස බිලියන 131 ක් වෙන් කර තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු මිලියන 670 ක් වෙන් කර තිබෙනවා.

සෞඛ්‍ය තත්ත්වයන් සඳහා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රදර්ශනය කිරීමට රුපියල් මිලියන 1,000 ක්.

පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට මිලියන 100ක් 2027 අයවැයෙන් වෙන් කෙරේ.

ප්‍රවේශ විය හැකි ඩිජිටල් රාජ්‍ය සේවා ස්ථාපිත කිරීම එනම් සියලු රාජ්‍ය ඩිජිටල් සේවා W3C ප්‍රවේශ පිරිවිතර වලට අනුව සැකසීමට පියවර ගැනීම අනිවාර්ය කරනවා.

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සෑම අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක සහ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ආබාධිතතා අන්ත කරණ කේන්ද්‍රස්ථානයක් (Disability Inclusion Focal Point) ස්ථාපිත කරනවා.

අවදානමට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානසික යහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් පවුල කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් හරහා දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 182ක්.

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු: 2,500 කින් වැඩි කරනවා.

2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230 ක් වෙන් කර තිබෙනවා.

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, පවතින ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 25,000 ක් වෙන් කර තිබේ. ආශ්‍රිත සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ සපයන ව්‍යාපෘති සහය සවිබල ගැන්වීම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, විභවතාවය සහිත, සුදුසුකම් සහිත පවුල් ක්‍රමානුකූලව සවි කිරීම බලගැන්වීමේ වැඩසටහන සඳහා රු. මිලියන 4,500ක්.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් වැඩි කරනවා.

ඔලිම්පික් රන් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක් ද, ලෝක මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක් ද
පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කමක් වෙනුවෙන් මිලියන 75ක් ද ආසියානු රන් පදක්කමක් වෙනුවෙන් මිලියන 50ක් ද සාක් රන් පදක්කමක් වෙනුවෙන් මිලියන 15ක් ද ලබාදෙනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙහි හඳුනාගත් ගොවිපළවල්, “අභිජනන ගොවිපොළ ” ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා.

පොහොර සහනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රු. 30,000ක් ලබා දීමට අපේක්ෂිත අතර ඒ සඳහා රු. මිලියන 44,000 ක් වෙන් කර තිබෙනවා.

රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම, වගා ඵලදායීතාවය වර්ධනය කිරීම, පසෙහි ගුණාත්මකභාවය පෝෂණ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනා කරණ පද්ධතියක් (IPNM) අවශ්‍ය වෙනවා. මේ සඳහා වසර 4 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන අතර, 2027 වසර සඳහා ආරම්භයක් වශයෙන් රු. මිලියන 47 ක් වෙන් කර තිබෙනවා.

සහල් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා දැනට ආහාර සුරක්ෂිතතාවය සඳහා වෙන් කර ඇති රු. මිලියන 700 ට අමතරව රු. මිලියන 300 ක මුදලක් යෝජනා කරනවා.

ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ගොවිජන සේවා මධ්‍යස්ථාන, ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම, යන්ත්‍රෝපකරණ සංචිත ඇති කිරීම, ගොවි ජනතාව සවිබල ගැන්වීම, තථ්‍ය කාලීන (real-time) තොරතුරු හුවමාරු කර ගත හැකි ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීම ආදී ‘සියලු සේවා සපයන එක මධ්‍යස්ථානයක්’ (One-Stop Shops) බවට පරිවර්තනය කරනවා. මෙය, ප්‍රධාන කෘෂි දිස්ත්‍රික්ක 5ක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රු. මිලියන 250 ක්.

කෘෂිකාර්මික යෙදවුම් තොග වශයෙන් මිලදී ගැනීම, පළිබෝධ සහ රෝග පාලනය ඒකාබද්ධව සිදු කිරීම, ජල සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව භාවිත කිරීම, වෙළෙඳ පොළෙහි සිදුවන මිල ඒකාධිකාරයන්ට මුහුණ දීම, ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා තනි තනිව වගාවන් සිදු කිරීම වෙනුවට, සාමූහික “යාය” නිෂ්පාදන ප්‍රවේශයක් හඳුන්වා දෙනවා. එහි ආරම්භ පියවර වශයෙන් රු. මිලියන 400 ක් වෙන් කරනවා.

වගා නොකරන හෝ ඵලදායිතාවය අඩු කුඹුරු ඉඩම් නිවැරදි සමීක්ෂණයකින් හඳුනාගත් පසු ක්ෂේත්‍ර භෝග හෝ ස්ථාවර වගාවන් සඳහා යෙදවීමට කුඹුරු ඉඩම් අයිතිකරුවන්ට නිදහස ලබා දීමට යෝජනා කරනවා. එම තෝරාගත් භූමිවල, වගාවන් දිරි ගැන්වීමට රු. මිලියන 1,550ක් වෙන් කර තිබෙනවා.

මහා පරිමාණ කෘෂි නිෂ්පාදනය සහ ඒවායේ ගුණාත්මක බව ඉහළ නැංවීම, කෘෂි අගය දාමයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනවා.

ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායයන් ගොවිතැන හා බැඳී පවතිනවා. කෘෂිකර්මාන්තයේ ශ්‍රම බලකායෙන් 23.9% ක් ද භූමි පරිහරණයෙන් 39% ක් පමණ ද, රාජ්‍ය ආයෝජන සහ සහනාධාර සඳහා පසුගිය වසර කිහිපයේ දී වාර්ෂිකව රු. බිලියන 200 කට අධික ප්‍රමාණයක් යොදා තිබුණ ද, ජාතික ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය 8.4% කට ආසන්න අගයක් ගන්නවා. මෙම දත්ත වලින්ම පෙන්නුම් කරනු ලබන්නේ ගොවිජන ජීවිතයේ ගැටලුවයි. මෙම ක්ෂේත්‍රය, රැඩිකල් නව පරිවර්තනයකට ලක් නොකර මෙම අර්බුදයෙන් මිදීමට නොහැකි වෙනවා.

ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෙක් කර්මාන්තයේ නියුතුව සිටිය දී ආපදාවක් හේතුවෙන් සිදුවන හදිසි මරණයක දී ලබාදෙන වන්දි මුදල රු. මිලියන 01 සිට රු. මිලියන 02 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

මෙම මධ්‍යස්ථානය නව ව්‍යාපාරික ව්‍යුහයක් යටතේ කළමනා කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ මේ වන විට විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම, ප්‍රමාණවත් පරිදි ශීතාගාර පහසුකම් නොතිබීම, සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටළු රාශියකට මුහුණ දී ඇත. එම ගැටළු විසඳීම සඳහා රු. මිලියන 1,000ක් හිමිකම් ප්‍රාග්ධනයක් ලෙස ලබා දීමට යෝජනා කරනවා.

ගන්දර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 1,500ක්.

හලාවත, වෙල්ලමංකර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 300ක්.

උතුරු පළාතේ ධීවර කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම්, නැංගුරම් පොළ හා පේසාලේ ධීවර වරාය සංවර්ධනය කිරීම සදහා මිලියන 5,000ක්.

ධීවර වරායන් සංවර්ධනය, නාරා ආයතනයේ ධීවර කර්මාන්තයට අදාල නව පර්යේෂණ සිදු කිරීම ශක්තිමත් කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රර්වර්ධනය කිරීම ඇතුළු ධීවර කර්මාන්තය නඟා සිටුවීම සදහා මිලියන 6,200ක්.

වයස අවුරුදු 18ට වැඩි දරුවන් කොටස් වෙළඳපොළ හා සම්බන්ධ කර ගැනීමට රුපියල් දස දහසක කොටස් කළඹක් ලබා දෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත සංශෝධනයට කටයුතු කරනවා.

රත්මලාන ගුවන් තොටුපොළෙන් ඉහළ නංවන ගුවන් යානා පාර්ලිමේන්තුව ඉහළ අහසින් පියාසර කිරීමට අවසර ලබාදෙනවා.

මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඉන්ධන ගවේෂණයට 2027 පෙබරවාරි සිට අවස්ථාව ලබා දෙනවා.

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ලබන වසරේ ආයෝජකයන් ගෙන එනවා.

මත්තල ගුවන්තොටුපළේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 70000ක්.

ගුවන් ධාවන පථ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 6,000ක් වෙන් කරනවා.

මධ්‍ය පරිමාණ ධීවර යාත්‍රා මිලදී ගැනීමට රුපියල් මිලියන පන්සීයක් දක්වා ණය ලබාදෙනවා.

ග්‍රාමීය ව්‍යවසාය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 05ක උපරිම ණයක්. 4%ක පොළියකට ලබාදීම සඳහා රුපියල් මිලියන 5000ක්.

කුඩා මෝල් හිමියන්ට පොළී රහිත ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා.

සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යවසායකයන්ට සහනදායී ණය වැඩසටහනක් වෙනුවෙන් මිලියන 676,87ක්.

නගර කිහිපයක නව ගුවන් පාලම් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1900ක්.

ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල් මිලියන 10630ක්.

මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටස වෙනුවෙන් 2027 වසර සඳහා මිලියන 23,050ක්.

රුවන්පුර අධිවේගී මාර්ගයට ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 27000ක්.

කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ සංවර්ධනයට රුපියල් මිලියන 53000ක්. 2028 සැප්තැම්බර් මස වනවිට වැඩ අවසන් කිරිමට සැලසුම්.

රුවන්පුර අධිවේගී මාර්ගයට ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 27000ක්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවෙල කොටස ඉදිකිරීමට රුපියල් මිලියන තිස්දහසක්.

මාර්ග පද්ධතිය සංවර්ධනයට රුපියල් බිලියන 487ක ඉතිහාසගත මුදල් ප්‍රමාණයක් වෙන් කරයි.

මහා මාර්ග, අධිවේගී මාරග සහ දුම්රිය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 251ක්.

දිස්ත්‍රික්ක 25 තෝරා ගත් තාක්ෂණ විශ්ව විද්‍යාල විසිපහක් නවීකරණයට කටයුතු කරනවා.

වෘත්තීය අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට රුපියල් බිලියන 11ක් වෙන් කරනවා.

ඉදිරි වසර කිහිපය සඳහා ද චීනයෙන් පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීමට එකඟතාව.

විශ්වවිද්‍යාල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2250ක්.

දහම් පාසල් ගුරුවරුන් සඳහාවන දීමනාව 7500 සිට 12500 දක්වා ඉහළට.

ගුරු විද්‍යාලවල පුහුණුවන සිසුන්ට ලබාදෙන දීමනාව 2027 අප්‍රේල් සිට, රුපියල් 10,500 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමනවා.

භික්ෂු සිසුන් සඳහා දිනකට ලබාදෙන දීමනාව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ දමනවා. ගිහි සිසුන් සඳහ ලබාදෙන දීමනාව රුපියල් 05 සිට 25 දක්වා වාරි කරනවා.

තෝරාගත් පාසල් සිසුන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පතක් ලබාදෙනවා.

ඩිජිටල් ක්ෂේත්‍රයේ පරිවර්තනය සඳහා 2027 අයවැයෙන් මිලියන 28,500ක්.

ජනාධිපති ඩිජිටල් විශිෂ්ටතා සම්මාන වැඩසටහනක් ලබන වසරේ සිට අරඹනවා.

ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී සේවයන් ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරනවා.

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ විශිෂ්ඨතා කේන්ද්‍රය විජේරාම මාවතේ පිහිටවනවා.

විදුලි එක්ක 180ට වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 03කට නොමිලේ සුහුරු මීටර්.

ජලාශ දහයක සූර්ය පැනල පද්ධති ස්ථාපිත කරනවා. රාජ්‍ය හා පෞද්ගලික සහායෙන් එය සිදුකෙරෙනවා. අඛණ්ඩ විදුලි සැපයුමක් සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරනවා.

සූර්ය බල ගබඩා බැටරි ආනයනය කිරීමේ දී අයකරන වරාය හා ගුවන් තොටුපොළ බද්ද ඉවතට.

වහළ මත සූර්ය පැනල අලුතින් ස්ථාපනය කරන ගෘහස්ත පාරිභෝගිකයිනට බැටරි ගබඩා ධාරිතාව කිලෝ වොට් එකක් සඳහා 25000ක සහනාධාරයක්. උපරිමට කිලෝ වොටි 10 සඳහා.

නොරොච්චෝල බලාගාරයට මේගා වොට් 30ක බැටරි ගබඩා පද්ධතියක්.

වහළ මත සූර්ය පැනල පාරිභෝගිකයන්ට බැටරි ගබඩා සහනාධාර ලබා දෙනවා. සූර්ය බලයෙන් ලැබෙන විදුලිය ගබඩා කිරීමට 2029 වසරේ දී සමස්ථ බැටරි ප්‍රමාණය මෙගා වෙට් 1245ක් දක්වා ඉහළ දමනවා.

විදෙස් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්. ශ්‍රී ලංකා යුරෝපා ආර්ථික වෙළෙඳ සහයෝගීතා වර්ධනයට රුපියල් මිලියන 3430ක්.

විදුලි ජාල පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට 2027 වසරේ රුපියල් බිලියන 26.5ක ආයෝජනයක්.

2029 වන විට පුනර්ජනනීය බලශක්තිය 69%ක් දක්වා වැඩි කිරීමට සැලසුම්.

චීනය සමඟ නව වෙළඳ ගිවිසුමකට අවදානය.

ජාතික තනි වෙළඳ කවුළුව සක්‍රිය කිරීමට රුපියල් මිලියන 1990ක්.

ආයෝජකයින්ට විශේෂ සහන පැකේජ ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය දේපළ කළමනාකරණ පනත කඩිනමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා.

ලබන වසරේ ප්‍රාග්ධන වියදම්වලට රුපියල් බිලියන 2000ක්.

ආර්ථික පරිවර්තනය සඳහා මෙම නීති රාමුව ශක්තිමත් කරනවා.

අණ පනත් නීතිවල විශාල වෙනසක් අපේක්ෂා කරනවා.

අපේ රටේ නීතිමට රාමුව වෙනස් කරනවා.

බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම සහ බදු පරිපාලනය ඩිජිටල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.

වාහන ආනයන වෙළෙඳ පොළ විවෘත කිරීම තුළ විදෙස් සංචිත 2026 ඔක්තෝබර් ඩොලර් බිලියන 07 ඉක්මවයි.
මේ වන විට ඩොලර් 1.5ක LC ඕපන් කරලා.

ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා.

අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට.

2027 වසරේ දී ඩොලර් මිලියන 2986ක් සහ 2028 වසරේ දී ඩොලර් මිලියන 3574ක් ණය ගෙවිය යුතුයි.

2027 අයවැයෙන් උපාය මාර්ගික සැලසුම් හතක්.

ඉහළ මැදි ආදායම් රටක් ලෙස 2026 වසරේ දී යළි ශ්‍රී ලංකාව වර්ගීකරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාලයින් සමාගමේ පාඩුව තවදුරටත් භාණ්ඩාගාරයට දැරීමට හැකිද යන්න සිතා බැලිය යුතුයි, එහි අලාභය රුපියල් බිලියන 528ක්.

පසුගිය වසරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.1ක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබුණා..

ඉන්ධන මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම අඩු කිරීමට රුපියල් බිලියන 147ක් වැය කළා.

එකතු කරන සෑම බදු රුපියලකටම ජනතාවට වටිනාකමක් දීමට කටයුතු කරනවා.

රටක් ලෙස අප දරුණු අවපාතයකින් ගොඩ එමින් සිටින බව අයවැය කතාව අරඹමින් ජනපති කියයි..

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණෙයි.

2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වෙයි..

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන 2027 අයවැය කතාව අද (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේ දී ඇරඹේන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...