පවතින අධික වැසි හමුවේ එලවළු මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මේ වන විට හැටන් ආශ්‍රිත ප්‍රදේශවල බෝංචි කිලෝව රුපියල් 700ත් 800ත්, කැරට් කිලෝව රුපියල් 600ත් 650ත්, ලික්ස් කිලෝව රුපියල් 400ත් 450ත්, වම්බටු කිලෝව රුපියල් 700ත් 750ත්, වට්ටක්කා කිලෝව 350ත් 400ත්, බිට් කිලෝව රුපියල් 400ත් 450ත්, අළු කෙසල් කිලෝව රුපියල් 340ත් 360ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 900ත් 1000ත්, තක්කාලි කිලෝව රුපියල් 800ත් 850ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වනු ඇත.
එළවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට නිසි ලෙස එලවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නගරයේ එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ පවතින වැසි තත්වයන් හමුවේ ඉල්ලුමට සරිලන ලෙස වෙළද පලට ලැබෙන එලවළු ප්‍රමානවත් නොවන බවත් ලැබෙන එලවළු තොග මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.



