ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Date:

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ සේවාවන් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතු වෙයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් අනතුරුව ‘ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම’ යන සබැදිය ඔස්සේ අයදුම්කරුවන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...