ඉදිරි දින 3 ඇතුළත ලිට්‍රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට

Date:

ඉදිරි දින තුන ඇතුළත ලිට්‍රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම නිවේදනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බවය.

එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කර ඇති බැවින් ගෑස් සිලින්ඩර 350,000ක ප්‍රමාණය වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද එම සමාගම සඳහන් කළේය.

සමාගම සඳහන් කර ඇත්තේ මෙම ගෑස් තොගය ලැබීමත් සමග දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවය.

එමෙන්ම අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත...

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වූ පිරිස ගැන හෙළිදරව්වක්

දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්...