සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානම්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය අවධාරණය කරයි.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමාන්තරව අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.

එමෙන්ම වත්මන් මූල්‍ය වැඩසටහනෙන් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව ද ඇය පවසයි.

එහිදී මාධ්‍යවේදිනියක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජේන්-චන්ද්‍රා මිය කියා සිටියේ, වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇති බවය.

නව මූල්‍ය සම්පාදන වැඩසටහනක්, නිරීක්ෂණ රාමුව යටතේ නිශ්චිත ප්‍රතිපත්ති උපදෙස් ලබා දීම හෝ ධාරිතා සංවර්ධනය (Capacity Development) වැනි ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...