මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

Date:

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඊයේ (08) දින මෙම පුද්ගලික බස් රථය මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය විසින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ අදාළ බස් රථය පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී එම බස් රථය නිසි ආකාරයෙන් නඩත්තු නොකළ බස් රථයක් බවට නිර්දේශ කරමින් මෝටර් රථ පරීක්ෂක විසින් තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අතුරුගිරිය – පිටකොටුව මාර්ගයේ ගමන් ගන්නා මෙම පුද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළේ නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි – පිටකොටුව මාර්ගයේ ගමන් ගන්නා මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇත.

ඒ අනුව සිදුකරනු ලැබූ විමර්ශනයට අනුව අනතුරුට ලක්වන ආකාරය නිරීක්ෂණය වන CCTV දර්ශනද ලබා ගනිමින් කඩුවෙල අධිකරණය වෙත අද (10) දිනයේදී කරුණු වාර්තා කිරීමටද නියමිත බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ අදාළ බස් රථ රියදුරන් දෙදෙනා මත්ද්‍රව්‍ය පරීක්ෂණය සඳහාද යොමු කළ නමුත් පරීක්ෂණ වාර්තා අනුව කිසිදු රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...