වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක්

Date:

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ආයතනගත රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම නියෝග හා මාර්ගෝපදේශ සකස් කර ඇත.

ඒවා විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වෙත පසුගිය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් පන්නල නෙදර්ලන්ත-වෙල්කම් විලේජ් පරිශ්‍රයේදී පිළිගන්වා තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය සියයට 18 ඉක්මවා ඇති බවයි.

එම ප්‍රතිශතය ඉදිරියේදී සියයට 24 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යන සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එම මධ්‍යස්ථානවල සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දී ඇති නව නියෝග හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමද අනිවාර්ය වනු ඇත.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාර යටතේ ඉදිරි වසර තුන තුළ මෙරට වැඩිහිටි ආයතනගත රැකවරණ පද්ධතිය පුළුල් කර ශක්තිමත් කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

දීර්ඝ කාලයක් අබලන්ව පැවති පන්නල නෙදර්ලන්ත-වෙල්කම් විලේජ් පරිශ්‍රය ගැසට් පත්‍රයක් මගින් රජයට පවරාගෙන ඇති අතර, ලබන වසරේදී රුපියල් මිලියන 400ක් වැය කර එය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2026 ජාත්‍යන්තර වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...