ඉරාන නැව් මෙරට ආසන්නයේ ඇති මොහොතක ඇමෙරිකානු යුද නැවක් මෙ‍රටට

Date:

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (07) උදෑසන කොළඹ වරායට පැමිණියේය.

කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

Littoral Combat වර්ගයට අයත් ‘USS TULSA (LCS 16)’ නෞකාව මීටර් 127.7ක දිගකින් යුක්ත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් BM Wanier කටයුතු කරයි.

2019 පෙබරවාරි 16 වැනි දින අධිකාරියට පත් කර ඇති ‘USS TULSA (LCS 16)’ නෞකාව එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සේවයට එක්ව කටයුතු කරයි.මීට පෙර ද මෙම නෞකාව 2025 අගෝස්තු 27 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ අතර ඉරානයට අයත් නෞකා 20ට ආසන්න ප්‍රමාණයක් ලංකාව ආසන්න මුහුදේ නැංගුරම් දමා ඇති අතර එම නැව්වලට සැපයුම් දෙන ඕනෑම රටකට එරෙහිව ද්විපාර්ශ්වීය සම්බාධක පනවන බවට ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...