ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට අද (24) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටි.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ද ජල ධාරිතාව ඉහල ගොස් ඇත.



