රේගුව සැප්තැම්බර් ආදායම් ඉලක්කයත් අභිබවා යයි

Date:

සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසය සඳහා රේගුවට ලබාදී තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය ඊයේ (22) වනවිට සපුරා ගනිමින් රුපියල් මිලියන 199,348ක ආදායමක් රැස්කරගෙන ඇත.

මේ වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට නියම කර ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995කි.

ඊයේ වනවිට රේගුව විසින් රුපියල් බිලියන 2,058.033ක සමස්ත ආදායමක් වාර්තා කිරීමටද සමත්ව තිබේ.

මේ අතර, පසුගිය 2025 වසරේදීද ශ්‍රී ලංකා රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා යමින් රුපියල් බිලියන 2,557.535ක ඉහළ ආදායමක් වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...