ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව දැක්වූ කැපී පෙනෙන දක්ෂතාව හේතුවෙන්, ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අගෝස්තු මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා (ICC Player of the Month) ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ඉන්දීය තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඔහු, ඉනිම් 4ක් ඇතුළත ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 420ක් රැස් කිරීමට සමත් විය. එහිදී දෙවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානය හිමි වූයේද ඔහුටය.
එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසාන් මහමුද් ද මෙම සම්මානය සඳහා නිර්දේශිත නාම අතර සිටි අතර, ඔවුන් අභිබවා යමින් සොනාල් මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමි කර ගත්තේය.
මෙම දක්ෂතාවල ප්‍රතිඵලයක් ලෙස, ICCය මෑතකදී ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 24 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමටද සොනාල් දිනූෂ සමත්ව සිටියි.



