එංගලන්තයට ලකුණු 119ක ජයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලැබූ ලකුණු 254 ක දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉනිම ලකුණු 135 කට සීමාවිය. ඒ අනුව ලකුණු 119 ක පරාජය, පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු හඹායමින් ලැබූ දෙවැනි දරුණුතම පරාජය විය.

( ශ්‍රී ලංකාව හඹායෑමකදී ලැබූ දරුණුම පරාජය වනුයේ 2019දී එංගලන්තය හමුවේ ලකුණු 134කින් පරාජය වීමය)

එසේම එංගලන්තය විසින් ඊයේ රැස්කළ ලකුණු 254, ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් පන්දුවාර 20 තරගයකදී රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වූ අතර මෙයට පෙර එම වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014 ලෝක කුසලාන තරගාවලිය යටතේ බංගලිදේශයේ චිතගොංහිදී කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබාගැනීම විය.එසේම මෙය එංගලන්තය විසින් පන්දුවාර 20 තරගයකදී ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද වුණි.

එංගලන්තය මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව විසින් පළමුවෙන් පන්දුවට පහරදීම පිණිස කළ ආරාධනයෙන් වීම කැපී පෙනුණි.

රෝස් බෝල් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන තරගවල ඉතිහාසය දෙස බැලීමේදී ලකුණු හඹායෑම පිණිස කණ්ඩායම් වැඩි කැමැත්තක් දැක්වීම මෙන්ම එංගලන්ත කණ්ඩායමේ නමගිය පිතිකරුවන් කිහිපදෙනෙකු ආබාධ මත තරගාවලිය ක්‍රීඩා නොකරන බැවින්, ඊයේ පන්දුවාර 20 ජාත්‍යන්තර වරම් ලැබූ ආරම්භක පිතිකරු ඇනෝරින් ඩොනල්ඩ් වැනි පිතිකරුවන් ඉක්මනින් දවාගනිින් තරගය ඇරැඹුමේදීම එංගලන්තය වෙත පීඩනයක් යොමුකිරීම ශ්‍රී ලංකාවේ අරමුණ විය.

ඔවුන් විසින් ආරම්භක පිතිකරු ඩොනල්ඩ් ඉක්මනින් දවාගත්තද සෙසු පිතිකරුවන් නවතාගැනීමට කිසිදු අවස්ථාවක් නොවූ අතර පවර් ප්ලේ අවස්ථාවේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් රැස්කළ එංගලන්ත පිතිකරුවෝ හයේ පහර 12ක් සහ හතරේ පහර 19කින් සමස්ත ඉනිම සැරසූහ.

එහිදී එංගලන්තයේ ලකුණු මැෂිම බවට පත්ව සිටින නායක හැරී බෲක් අධිවේගී ශතකයක් (පන්දු 49කදී ලකුණු 114ක් ) සහ ශ්‍රී ලංකාවට එරෙහිව සැමදා ලකුණු අතරට පිවිසෙන ජොස් බට්ලර් පන්දු 44කදී ලකුණු 80ක් රැස්කළේය.

ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉනිම ක්‍රියාත්මක අතරතුර මනා ලෙස පන්දු රකින්නන් ස්ථානගත කරමින් එයට උචිත පන්දු යැවීම යෙදීමට එංගලන්තය කටයුතු කළ අතර එම උගුලට හසුවු ශ්‍රී ලංකාව එක පිට එක කඩුලු පුදන්නට විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහිදී ලකුණු 20 ඉක්මවා ගියේ පන්දු 14කදී ලකුණු 22ක් ලැබූ දසුන් ශානක සහ පන්දු 21කදී ලකුණු 33ක් ලැබූ දුනිත් වෙල්ලාලගේ පමණි. මෙහිදී සුපිරි පන්දුයැවීමක යෙදුණු සොනී බේකර් සිය පන්දුවාර 4දී එක් නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 12කට ශ්‍රී ලංකා කඩුලු 3ක් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...