ජපාන ආයෝජකයන් 250ක් දිවයිනට

Date:

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පැරණි මිතු දම් අලුත් කරමින් මෙම ජපාන ජාතිකයන් පිරිස මෙරටට පැමිණ තිබුණි.

ඔවුන් ඊයේ (30) දින පස්වරු 04.30 ට ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල , සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම ගවේෂණාත්මක සංචාර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට පිහිටි ” ලිට්ල් ජැපෑන් ” හෝටල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය රුවන් පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ අතර ඒ සදහා වරාය සහ ගුවන් සේවා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ද අනුග්‍රහය හිමි වී තිබුණි.

මෙහිදී සමූහ ජායාරූපය ගන්නා අවස්ථාවේ , ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු ශ්‍රී ලාංකික සම්භාවනීය ආරාධිතයන් පිරිස , මෙරටට පැමිණි ජපන් ජාතිකයන් සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ලොබ් ශාලාවේ බිම ඉද ගැනීමට තරම් නිහතමානි වීම එම ජපන් ජාතිකයන්ගේ විශේෂ ඇගැයීමකට ලක් විය.

මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් පිරිස , සිය ශ්‍රි ලංකා සංචාරය නිමා කර එළඹෙන 09/04 දින මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...