ලොව ප්‍රමුඛතම වරායවල් 20 අතරේ කොළඹ වරායත්

Date:

2026 වසරේ පළමු මාස 6 ඇතුළත බහාලුම් මෙහෙයුම් 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින්, කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට පිවිසීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර Alphaliner වාර්තාවලට අනුව, 2025 වසර අගදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවූ කොළඹ වරාය,

මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් කොළඹ වරාය මගින් මෙහෙයවා ඇති සමස්ත බහාලුම් ප්‍රමාණය මිලියන 4.4 (4,444,034 )කට අධිකය.

එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී මෙහෙයවන ලද බහාලුම් මිලියන 3.9 (3,972,053) හා සැසඳීමේදී බහාලුම් ලක්ෂ 4 (471,981)කට වැඩි වර්ධනයකි.

ඒ අනුව 2025 වසරේදී සමස්ත බහාලුම් මිලියන 8.3ක් මෙහෙයවමින් තැබූ අභිබව යෑමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය යා කෙරෙන ප්‍රධාන නෞකා මාර්ගයන්හි මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය, ඉන්දියන් සාගරයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදී ද බහාලුම් මිලියන 2.915ක් මෙහෙයවමින් 13.9%ක වර්ධනයක් වාර්තා කිරීමටද කොළඹ වරාය සමත් විය.

වර්ධනය වන බහාලුම් ධාරිතාවට අනුරූපව යටිතල පහසුකම්, නවීන තාක්ෂණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ඉදිරි වසර 1-3 ත් අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආයෝජනයන් වරාය ක්ෂේත්‍රයට ලබාගැනීමට සැලසුම් කර ඇති බවත් අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...