මඩකලපුවේ ජල සැපයුම දිනකට පැය 4ක කාලයකට සීමා වෙයි

Date:

මඩකලපුව දිස්ත්‍රික්කයේ උනච්චි වැවේ ජල මට්ටම පහළ යාමත් සමඟ ප්‍රදේශයේ ජල සැපයුම දිනකට පැය 4ක කාලයක් සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඒ. එම්. පී. සි. ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, උනච්චි වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවය.

කෙසේ වෙතත්, දිවයින පුරා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

එම මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දිනකට ජලය ඝන මීටර් ලක්ෂ 28ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉන් සියයට 23ත් 24ත් අතර ප්‍රමාණයක් මහා ජලාශවලින් ලබාගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

තවත් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් ගංගා සහ ඇළදොළ ආශ්‍රිත ජල මූලාශ්‍රවලින් ලබාගන්නා බවත්, ඉන් ඝන මීටර් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවත් ඔහු පැවසීය.

දිවයින පුරා ලබාගන්නා ජලයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...