අධිවේගයේ මගීන්ටත් ආසනපටි පැලඳීම අනිවාර්ය වෙයි

Date:

සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමක් මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවය.

ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවද ඒ මහතා පැවසීය.

අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා, ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද කියා සිටියේය.

සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, මේ වනවිට සිදුවන අනතුරුවලින් ආසනපටි නොමැති වීමෙන් සිදුවන ජීවිත හානි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, මංජුල කුලරත්න මහතා පවසා සිටියේ, ආසන පටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස 19 වන දිනෙන් අවසන් වන බවය.

2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව අධිවේගයේ සියලු වාහන සඳහා ආසනපටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...