ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළට

Date:

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.95%ක්ම, එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර රෝගීන් 19,778ක් (21.30%) වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් (7.21%) හඳුනාගෙන ඇත.

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි.

මේ අතර අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 7516 දෙනෙකු හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...