මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

Date:

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (21) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආන්නද නාහිමියන් බැහැ දැක බුලත් විට සමඟ දුම්කොළ හා පුවක් භාවිතය නැති කිරීමෙන් මෙම ජීවිත සියල්ල ආරක්ෂා කර ගැනීමට හැකි අතර මේ සඳහා මහානනාක ස්වාමින්ද්‍රයන් වහවන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහයෝගය ඉල්ලිම සදහා මහනුවරට පැමින මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදිය.

මෙම මස 27 දිනට යෙදෙන ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිතෙන් කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ‌ෙඒතිහාසික රිදී විහාරයද කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධවද උන්වහන්සේලා දැනුවත් කළේය.

ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවන පුරුෂ පක්ෂය හා සම්බන්ධ දත්ත සැලකීමේදී වැඩිම පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ මුඛ පිළිකා වැළඳීමෙන් බවත් කාන්තාවන් අතර මුඛ පිළිකා සුලබව දක්නට නොලැබෙන අතර කාන්තා පිළිකා රෝගීන් අතර මුඛ පිළිකාව තිබෙන්නේ 08 වැනි ස්ථානයේදි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා එහිදි කිය.

නාගරීකරණයත් සමඟ බුලත්විට කෑම යම් ප්‍රමාණයකට අඩුවන තත්ත්වයක් දක්නට ලැබුණත් දුම්කොළ, පුවක් හා සීනි අන්තර්ගත කර සකස් කළ බාබුල් වැනි කුඩා ප්‍රමාණයේ පැකට් හඳුන්වාදීමත් සමඟ යළිත් මේවා භාවිතය ඉහළ යන ස්වභාවක් සමාජයේ දක්නට ලැබෙන බව පැවසු විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාද මේවා භාවිතයට හුරුවී තිබෙන බවද අවධාරණය කළේය.

දැහැත් වට්ටියට බුලත් සමඟ පුවක් හා දුම්කොළ යොදා ගන්නව දැහැත් වට්ටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කරන්න මෙයට වසර ගණනාවකට පෙර වැඩපිළිවෙළක් හඳුන්වා දුන් නමුත් එය ක්‍රියාත්මක වුණේ නැති බවත් . දුම්කොළ හා පුවක් වෙනුවට සාදික්කා, කරඳමුංගු, කරාබු නැටි වගේ දේවල් යොදා ගෙන දැහැත් වට්ටියද සැකසිය හැකි බවත් . දැහැත් වටිටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ සමාජගත කිරීමේ වැඩපිළිවෙළට විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සහය ලබාදෙන ලෙස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවත් පැවසු අද්‍යක්ෂවරයා මේ නිමිත්තෙන් අපි පුදන්නට මිස හපන්නට නොව කියා තේමා පාඨයක්ද හඳුන්වා දී තිබෙන බවද පැවසිය.

එම වෛද්‍යවරු අමතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවත්වන මාසික රැස්වීම් වලට මමත් සහභාගි වෙනවා. තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ මූලික අවස්ථාව ලෙස මේ දුම්කොළ හා පුවක් කෑම බව මේ සාකච්ඡා වලදී අනාවරණය වෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පවා මේවා කෑමට පුරුදුවී සිටින බව සත්‍යයක්. සෞඛ්‍යට අහිතකර පුවක් හා දුම්කොළ නිෂ්පාදන විදේශ රටවලින් ගෙන ඒ්ම තහනම් කිරීම කෙරෙහි අවධානය යොමුවිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...