ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

Date:

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඊයේ (15) දිනයේදී රෝගීන් 1,195 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය.

ජූලි මස පළමු දින 15 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 17,051ක් හඳුනාගෙන ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 38,160කි.

දකුණු පළාතෙන් රෝගීන් 11,274ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,026ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය.

ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,082ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5124ක් හඳුනාගෙන ඇත.

ඩෙංගු ආසාදනයවීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...