QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

Date:

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවය.

QR ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඉන්ධන මෙන්ම ඩොලර් සංචිතයේද පාලනයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ නැවත යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පොලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවය.

මෙන්ම නැවත ඇතිව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බව පෙන්වා දුන් ඒ මහතා ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...