ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

Date:

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන “Siri” මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් “Siri AI” නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී තිබේ.

මීට අමතරව, ළමා ආරක්ෂාව වෙනුවෙන් නව ආරක්ෂිත පියවර රැසක් සහ සමාගමේ නායකත්වයේ ඓතිහාසික වෙනසක්ද ඇපල් සමාගමේ වාර්ෂික WWDC 2026 සංවර්ධකයින්ගේ සමුළුවේදී නිවේදනය කර තිබුණි.

ටිම් කුක්ගෙන් හැඟුම්බර සමුගැනීමක්

වසර 15ක් පුරා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කළ ටිම් කුක් ලබන සැප්තැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන අතර, මෙය ඔහු සහභාගී වූ අවසන් WWDC සමුළුව වෙයි. එහිදී රැස්ව සිටි දහස් සංඛ්‍යාත සේවකයින් සහ සංවර්ධකයින්ගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවූහ.

“ඔබගේ පරිකල්පනය සහ දක්ෂතාවය පසුගිය වසර 15 පුරාම මාව දිරිමත් කළා. මේ ගමනේ කොටස්කරුවෙකු වීම මගේ ජීවිතයේ ලැබූ ගෞරවයක්” යැයි කුක් හැඟීම්බරව පැවසීය.

ටිම් කුක්ගෙන් පසුව ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් පත්වීමට නියමිතය. ඔහු මෙවර ප්‍රධාන දේශනය සිදු නොකළද, ඉදිරි ඇපල් නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය සහ දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරමින් ඇපල් සමාගම නව යුගයකට රැගෙන යාමේ නායකත්වය ඔහු වෙත පැවරී ඇති බව ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වඩාත් දියුණු ඩිජිටල් සහායකයෙක්, “Siri AI”

ඇපල් සමාගම සිය ප්‍රතිවාදී තාක්ෂණික සමාගම්වලට වඩා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් පසුපසින් සිටින බවට එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් මෙම නව හඳුන්වාදීම සිදුකර ඇත. නව “Siri AI” මගින් පරිශීලකයාගේ පෙර භාවිතයන්, ඡායාරූප පිළිබඳ අවබෝධය මෙන්ම ලෝකය පිළිබඳ පුළුල් දැනුම උපයෝගී කරගනිමින් වඩාත් කාර්යක්ෂම සහ සුහදශීලී සේවාවක් සැපයීමට නියමිතය. OpenAI සහ Anthropic වැනි සමාගම්වල AI සහායකයන්ට සමාන නව App එකක්ද මීට ඇතුළත් වේ.

මෙහිදී ඇපල් මෘදුකාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ක්‍රේග් ෆෙඩෙරිගි අදහස් දක්වමින්, “සැබෑ AI තාක්ෂණයක් යනු මිනිසුන්ගේ අවශ්‍යතා කේන්ද්‍ර කරගත් එකක් විය යුතුයි. Siri AI නිර්මාණය කර ඇත්තේ පරිශීලක රහස්‍යභාවය උපරිමයෙන් සුරකිමිනුයි” යනුවෙන් පවසා සිටියේය.

ගූගල් සමාගමේ Gemini මාදිලිය සහ Cloud Technology පාදක කරගනිමින් මෙම පද්ධතිය දියුණු කර ඇත. මෙහි පරීක්ෂණාත්මක (Beta) සංස්කරණය මෙම වසර අගදී ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කෙරෙන නමුත්, නියාමන ගැටලු හේතුවෙන් යුරෝපා සංගමයේ (EU) රටවලට මෙය මුලින් ලබා නොදෙන බව සමාගම පවසයි.

ළමා ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර

මීට අමතරව, iOS 27 මෘදුකාංග යාවත්කාලීන කිරීමත් සමඟ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත.

ඒ අනුව, නොදන්නා පුද්ගලයින් සමග දරුවන්ට සන්නිවේදනය කිරීමට පෙර දෙමාපියන්ගේ අවසරය ලබාගත යුතු “Ask” විශේෂාංගය පුළුල් කර ඇත. එමෙන්ම, දරුවන්ගේ දුරකථන වෙත ලැබෙන ලිංගික හෝ ප්‍රචණ්ඩකාරී නිරුවත් දර්ශන පද්ධතිය මගින් ස්වයංක්‍රීයව වාරණය කරනු ලබයි.

කෙසේ වෙතත්, ඇපල් App Store හි පවතින කෘත්‍රිම බුද්ධියෙන් නිපදවන නිරුවත් ඡායාරූප (Nudification Apps) සහ iCloud හි ඇති අනිසි ළමා දර්ශන ඉවත් කරන ලෙස බල කරමින් මීට පෙර “HEAT Initiative” වැනි සංවිධාන ඇපල් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවලද නිරත විය. මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර්ද තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා සිටියේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ස්මාට් දුරකථන හරහා නිරුවත් දර්ශන නැරඹීම අවහිර කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාව සහ ඉරාන සාකච්ඡා බිඳවැටේ

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට...

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19)...

නාවික සහ ධීවර ප්‍රජාවන්ට වවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ...

ආහාර කිහිපයක් පාසල් ආපනශාලාවලට තහනම් වෙයි

මෙරට පාසල් දරුවන්ගෙන් සියයට විස්සක (20%) පමණ පිරිසක් මන්දපෝෂණයෙන්...