අද උදෑසන 6.00 අවසන් වූ පැය 24ක කාලසීමාව තුළ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 118.80ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම ම්‍යස්ථාව සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙලිස්සගල, හුණුගල් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 118.80 වර්ෂාපතනය වාර්තා වූ බවය.
ඊට අමතරව නුවරඑළිය, වටවල ප්‍රදේශයට (මිමී 82), කෑගල්ලට (මිමී 70), සහ රත්නපුර, එරත්ත ප්‍රදේශයට (මිමී 62 ) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.




