විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආයතන දෙකකින් කෝටි 31ක පොල්ලක්

Date:

ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුද්ගලික සමාගමක් වෙත නිකුත් කළ ගුවන් විදුලි සංඛ්‍යාත සදහා අයවිය යුතු රුපියල් දාහත්කෝටි විසිපන්ලක්ෂයක (172,500,000) මුදල ගෙවිම එම සමාගම විසින් පැහැර හැර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

එමෙන්ම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින්ද රුපියල් දාහතරකෝටි,පනස්දෙලක්ෂ,පනස්හතරදහස්හාරසිය හතලිස්නමයක (145,254.449) මුදලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.එම මුදල අයකර ගැනිම සදහා නිතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙයි.

යම්ගාස්තුවක් ගෙවනු ලැබු විට පමණක් සේවා සැපයිය යුතු වුවත් මුදල් ලැබමට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සේවා සැපයිම හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...