ප්‍රබල අකුණු ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Date:

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (18) ප.ව 12.00ට නිකුත් කළ එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...