යුද ගැටුම් අවසන් කිරීමට සටන්විරාම යෝජනාවක්

Date:

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම සටන්විරාමය අද (06) දිනයේ සිට ආරම්භවීමේ අවස්ථාවක් ද ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණි.

ඉස්ලාමාබාද් සම්මුතිය නම මෙම යෝජනාවලිය පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කළ ඇති බවත් වාර්තා වේ.

මේ යටතේ කඩිනම් සටන්විරාමයක් ඇතිකරගෙන, සටන් අත්හිටුවා හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරගැනීම දෙපාර්ශ්වයේ සැලසුම වනු ඇති බව රොයිටර්ස් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ඉරානය සහ අමෙරිකාව දින 45ක සටන්විරාමයකට එළැඹීමට සූදානමින් ඇතැයි පළමුව වාර්තා කළේ, අමෙරිකාවේ ඇක්සියෝස් පුවත් අඩවියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...