ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Date:

තම රටේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල පිහිටි සියලුම තෙල් හා ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

පසුගිය පැය කිහිපය තුළ ඉරානයේ ගෑස් නිධියකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානය මේ වන විටත් කලාපයේ අනෙකුත් රටවල තෙල් නිධි වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීමෙන් සතුරා විශාල වැරැද්දක් සිදු කර ඇති බවයි. මෙම ප්‍රහාර නැවත සිදු වුවහොත්, සතුරාගේ සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ගේ බලශක්ති පද්ධති සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වන තෙක් ඉරාන ප්‍රහාර නතර නොකරන බව ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී එල්ල කිරීමට නියමිත ප්‍රහාර මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු හා විනාශකාරී වනු ඇති බවට ද ඉරානය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත. මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...