ලොව විශාලම ස්වාභාවික ගෑස් නිධියට ගුවන් ප්‍රහාරයක්

Date:

ලොව විශාලම ස්වාභාවික ගෑස් නිධිය ලෙසින් සැලකෙන ‘South Pars/North Dome Gas-Condensate Field’ සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන ‘South Pars’ ගෑස් නිධි ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බවය.

පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර, එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබයි.

සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර, ඉන් South Parsට අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණයක් ඉරානයට අයත්ය.

කටාරය කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.

කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් හිමිකරගන්නා මෙම ගෑස් ප්‍රබවයෙන් වන අතර, මෙම වසර මුලදී පමණක් ඔවුන් මෙම ප්‍රදේශයෙන් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර ඇත.

එමෙන්ම ඉරානයද දෛනික ඝන අඩි බිලියන 2ක ගෑස් නිපදවා තිබේ.

බටහිර සම්බාධක මත ඉරානය හුදකලා කිරීමත්, වැරදි කළමනාකරණය හේතුවෙන් ඉරාන රජයට ඔවුන්ගේ උපරිම නිෂ්පාදන ධාරිතාවට පැමිණීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් කටාර් රාජ්‍යයට වැඩි ගෑස් ප්‍රමාණයක් අලෙවිකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වි තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...